(ගයාන් සූරියආරච්චි සහ ටී.කේ.ජී.කපිල)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානේ ඉම්රන් නමැත්තාගේ සමීපතමයකු කටුනායක ගුවන් තොටුපොළේදී අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ආදුරුප්පුවීදිය ප්‍ර දේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
එම සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති අතර එම සැකකරු මෙරට පැමිණි අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලංකාවේ සිටියදී සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග ව්‍යාපාර කටයුතු කළ පුද්ගලයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුගේ බිරිය ඉන්දියාවේ පදිංචිව සිටින අතර සැකකරු ද ඉන්දියාවේ පදිංචියට ගොස් සිටියදී ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කංජිපානිගේ හිතවතෙක් කටුනායකදී මාට්ටු
BBC Thursday, 24 July 2025 09:13 PM
කලු කපුටන් ට රජ මගුල් ඇති ,රත්රන් ගහ හොලවන්නට පුළුවන් නේ...